🌼💮🌸නමෝ බුද්ධාය🌼💮🌸 🌸“සූකරමද්දවන්ති නාතිතරුණස්ස නාතිජිණ්ණස්ස එකජෙට්ඨක සූකරස්ස පවත්තමංසං. තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියාදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සූකරමද්දවය’ යනු ඉතා ළපටි ද නො වූ ඉතා තරුණ ද නො වූ තනි ව වාසය කළ සූකරයකු ගේ මෘදු වූ ද, සිනිඳු වූ ද මසින් පිළියෙල කළ ආහාරයකැයි මහා පරිනිර්‍වාණ සූත්‍ර අටුවාවේ කියා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතය ය. මස් වැළඳූහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයකැයි සැලකූ අය අතීතයෙහි ද වූහ. ඔවුන්ගෙන් ඇතමකු සූකරමද්දවය, මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත්, ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නො වීම සඳහා පිළියෙල කර රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්‍වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සූකරමද්දවය හතුවර්ගයකින් පිළියෙල කළ ආහාරයකැයි කියති. සූකරමද්දවය ගැන මෙසේ නානා මත පහළ කරන අයට ඒවා ස්ථිර කිරීමට කිසි සාක්ෂියක් නැත. සූකර මාංසය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සූකර මාංසය බුදුන් වහන්සේ වැළඳූහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් ශුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු රහත්හු මත්ස්‍යමා...