Posts

Showing posts from August, 2020
Image
 දුර්ගේෂ්වරී කඳුවැටිය  🌼🌸💮නමෝ බුද්ධාය🌼🌸💮 🌼මහණෙනි, මම දුෂ්කර ප්‍රතිපදාව ගත කරන්න අවසාන මොහොතේ උරුවෙල් දනව්වට වඩිනවා... ඒ උරුවෙල් දනව්ව මගේ ඇස් දෙකෙන් මම  දකින්නේ මෙහෙමයි... 🌼 🌼"විශ්වයේ පරම සත්‍යයද සංසාර විමුක්තියද සොයා යන ගමනේදී මහණෙනි, මම මගද රට  උරුවෙල් දනව්වට පැමිණියෙමි... නිසසලව ගලා බසිනා නේරංජනා නදී තිරය සුදු වැලි තලවන්ගෙන් ගැවසී ගත් බිමද  ****  යයේ සිසිල් සෙවනද මසිත සැනසීමට පත් කළේය... 🌼 🌼විශ්වයේ පරම සත්‍යය ද සංසාර විමුක්තියද සොයා ඇවිද යන ගමනේ මම  සුදු වැලි තලාවක ගන්තෙර ගසක් මුල  වාඩි ගත්තෙමි... 🌼 🌼මහණෙනි, මම උරුවෙල් දනව්වේ ගත කරන්න යෙදුනු ජීවිතය එතරම් කටුකයි කාෂ්ටකයි... 🌼 මහණෙනි, මම උරුවෙල් දනව්වේ දුෂ්කර ජිවිතයක් ගත කරන විට මම මගේ ශරීරයේ මෙවැනි විදියට මම දකින්නට යෙදුනේ... 🌼 🌼දතින් දත මැඩ දිව තල්ලෙහි ගටා සිත දමනය කිරීමෙහි නියෙලෙමි... 🌼එවිට මගේ කිහිලි වලින් දහදිය වැගිරෙන්නට විය... 🌼ශක්තිමත් පුරුෂයෙකු දුර්වල පුරුෂයෙකුගේ උරහිසින් ඔබා දමන්නේ යම් සේද මමද මගේ චිත්ත වේගයන් ඔබා දැමුවෙමි... 🌼 🌼අනතුරුව ආශ්වාස ප්‍රශ්වාස නවතාලමින් භාව...

අභිධර්මය

Image
   🌸💮 නමෝ බුද්ධාය🌼🌸      🌼🌸  අභිධර්මය 🌼🌸   🌼🌸අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යමා මහා පෙළහර පා ශාක්‍යයන්ගේ  මානය දුරුකිරීමෙන්  අනතුරුව සත්වන වස(වස්කාලය) ගත කිරීම සඳහා තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කෙරුණි.  තව්තිසා දිව්‍ය ලෝකයේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ පඩුකම්බුල ආසනයේ වැඩ හිදිමින් මාස තුනක් පුරාවට මාතෘ දිව්‍ය රාජයා(මහා මායාදේවිය කලුරිය කොට මාතෘ දිව්‍ය රාජයා ලෙස පුරුෂ ආත්මයක උපත්තිය ලැබිණ) ප්‍රමුඛ කොට ගෙන අභිධර්මය දේශනාව සිදු කෙරිණි. මනුෂ්‍ය ලෝකයේ මාස තුනක් වූ අතර එම කාලය තව්තිසා දිවියලෝකයෙන් නම් විනාඩි නමයක කාලයකි.අභිධර්ම දේශනාව ශ්‍රවනය කිරීමට දස දහසක් සක්වල යන්ගේ දෙවිදේවතාවුන් තව්තිසා දිව්‍ය ලෝකයට පැමිනුණි. බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුරුවක් මවා තව්තිසාවෙහි අදාල අභිධර්මය කොටස මෙපමණ දේශනා කිරීමට අධිෂ්ඨාන කොට පිණ්ඩපාතයට හා ශරීර කෘත්‍ය සඳහා මනු ලොවට  වැඩම කර උතුරු කුරු දිවයිනේ පිණ්ඩපාතය කර  ශරීරකෘත්‍ය සදහා අනෝතත්ත විලට වැඩම කර චන්ද්‍ර වනයට දිවා  විහරණයට වැඩම වුණි. චන්ද්‍ර වනයට වැඩම කෙරූ සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ...