මේ පිළිකුල් වූ ශරීරය
නමෝ බුද්ධාය... !!!🌼🌸💮🙏
🔹ශරීරයේ කුණුප කොටස් 32 වර්ණ වශයෙන්, සටහන් වශයෙන් ගඳ වශයෙන් , පිහිටි ස්ථානය වශයෙන් , සැදී ඇති දේ වශයෙන් පිළිකුල් වශයෙන් මෙනෙහි කල යුතුයි..
🔹පසුව සුවපහසු ඉරියව් කින් වාඩි වෙලා කයේ සිත පිහිට ගන්නවා..
🔹කුණුප කොටස් 32 කොටස් 5 ගානේ බෙදලා පිළිකුල් වශයෙන් විමසන්නත් පුළුවන් ..
ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය
🔹කුණුප කොටස් තිස් දෙක පළමුවෙන් වචනයෙන් කියමින් සක්මන් කරමින් වාඩි වෙලා මේ කොටස් 32 පිළිබද අදහස හිතට කාවද්දන්න ඕනේ..
🔹පළමුව තමන්ගේ ශරීරය, අසුභ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ, පසුව මගේ වගේම කුණුප කොටස් තිස් දෙකකින් නිර්මිත කයක් තමයි අනෙත් අයටත් තියෙන්නේ කියලා මෙනෙහි කරන්න...
🔹මුලින්ම තමගේ කය දිහා වෙන් වෙන් වශයෙන් බලන්න.. එක පොදියට ගත්තම මම මම මගේ කියලා ගන්නේ.. වෙන් වෙනම බැලුවම කුණුප කොටස් 32ක් විතරයි තියෙන්නේ.. මම කියලා දෙයක් නෑ..
🔹කාම රාග ඇති වෙන දෙයක් දැක්ක ගමන් මෙතන තියෙන්නේ කුණුප කොටස් 32ක් විතරයි... කෙස් ටිකක් ලොම් ටිකක් දත් ටිකක් හම වලින් ඔතලා තියෙන්නේ කියලා මෙනෙහි කරන්න ඕනි..
🌼අපි පාරේ ගමන් කරනවා... එතකොට අසුචි ගොඩක් දකිනවා... එවිට අපට අප්‍රසන්න හැගීමක් ඇති වෙනවා... අප්රියතාවක්, පිළිකුලක්...
එම අසුචි ගොඩම උරෙකුත් දකිනවා...ඌරාට නම් මෙය ප්‍රසන්න දර්ශනයක්.. සැප සහගත දසුනක්.. ප්‍රිය දෙයක්...
එනම් අසුචි දැක සතුටට පත් වන්නේ ඌරා.. එය ඌරු මානසිකතත්වයයි...
🌼තවත් ඉදිරියට යන විට අලංකාර ලෙස සැරසුණු රූමත් කාන්තාවක් දකින්නවා... එය නම් අපට ප්‍රියමනාප දසුනක්, සුන්දර දසුනක් සැප සහගත රුපයක්...
🌸"ආනන්දය මෙම සස්නෙහි මහන කෙනෙකු පත්ලෙන් උඩ කෙස් මතුයෙන් යට සම කෙලවර කොට ඇති මේ ශරීරය නානාප‍්‍රකාරවූ අසූචියෙන් පිරුනේය යි ප‍්‍රත්‍යාවේක්ෂා කෙරේද මේ ශරීරයේ කේසයෝ ලෝමයෝ නිය දත් සම මස් නහර ඇට ඇට මිදුලූ වකුගඩු හෘදය මාංශ අක්මාව දලබුවය බඩදිව පපුව බඩවැල අතුනුභහනය අමු අහරය මල ය පිත සෙම් ලේ දහඩිය මේද කඳුළු තෙල් කෙල සොටු මූත‍්‍ර යන දෑ මේ ශරීරයේ ඇත්තාහූ යයිද මෙසේ මේ ශරීරයේ ඇත්තාවූ සියල්ලන්ගේ අසුභ බව බලමින් වාසය කරයි ආනන්දය මේවා අසුභ සංඥා යි කියනු ලැබේ."🌸
(ගිරිමානන්‍ද සුත්‍රය)
🌼එනම් අප භාග්‍යවතුන් වහන්සේ වදාලේ මේ ශරීරය නානාප‍්‍රකාරවූ අසූචියෙන් පිරී ඇති බවයි...
අප කාන්තා හෝ පිරිමි ශරීරයක් දැක සතුටු වේද ප්‍රියමනාප බවක් ඇති කර ගනීද එය අසුචි දැක සතුටට පත් වූ ඌරා වැනිය... එනම් ඌරු මානසිකතත්වයකි...
🌼අප ශරීරයේ පිහිටි කෙස් වර්ණයෙන්ද පිළිකුල්ය... කළු පැහැය අප ස්වභාවයෙන්ම අප්‍රියමනාප පැහැයකි... පුද්ගලයෙක් ගත්තද වෙනත් දෙයක් උවද කළු පැහැති නම් කාල වර්ණයෙන් යුක්ත නම් වැඩි ප්‍රිය තාවයක් නොදක්වයි අප්‍රසන්නය. පිළිකුල්ය ... එලෙස පිළිකුල් කළු පැහැයෙන් යුතු කෙස් වර්ණයෙන්ද පිළිකුල්ය..
🌼අපගේ කෑම පිගානේන් එක් වරම කෙස් ගසක් දකිනවා... එය දුටු සැණින්ම පිළිකුලක් ඇති වේ... කෑම උයපු අය ගැනත් තරහක් ඇති වෙන්න පුළුවන්... එනම් මේ කෙස් සටහන් වශයෙන්ම පිළිකුල්ය... නමුත් පොල් කෙන්දක් හසු උවහොත් අතරම් පිළිකුලක් ඇති නොවේ... එනම් කෙස් කියන සංඤාවම අපට පිළිකුල්ය...
🌼කෙස් ගසක් ගින්නකින් පිළිස්සෙන විට ඉතාමත් අප්‍රසන්න ගන්දයකින් යුතුයි... හරියට ටයර් එකක් පිච්චෙනවා වගේ... කෙස් නොසෝදා ෂැම්පු සබන් නොගා කලක් තිබුනා හොත් කෙස් වලින් එන්නේ සුවදක් නම් නොවේ... එනම් කෙස් ගන්දයෙන්ද පිළිකුල් සහගතය...
🌼ගොටුකොල මිටියක් මිලදී ගැනී... හොදට සාරවත්ව වැඩි පනුන් රහිත ව පිරිසිදු කොළ ඇති නිසා මේක නම් කෑමට ගන්න හොදයි කියලා හිතනවා... නමුත් මේ ගොටුකොල කඩා ගෙන තියෙන්නේ වැසිකිලි වලක් ගාවින් කියලා දැන ගත් සැණින්ම දැඩි පිළිකුලක් ඇති වේ... එලෙසම මේ කෙස්ද වැඩි ඇත්තේ මස්, ලේ, සැරව, පිත ඇසුරු කර ගත් අප්‍රසන්න පරිසරයකයි... ඒ නම් කෙස් යනු පිහිටා වැඩුණු පරිසරය අතින්ද පිළිකුල් දෙයකි...
🌼කෙස් සකස් වි ඇත්තේද කෙස් ගසේ ඇති කුඩා සිදුර ඔස්සේ ඇතුළු වන ලේ සැරව හා ශරීරයේ පිළිකුල් ගන්ධයන්ගෙන් යුතු විවිධ ද්‍රව්‍ය වලිනි... එනම් සැකසී ඇති දේ අනුවත් කෙස් යනු පිළිකුල් දෙයකි...
විනිවිද පෙනෙන බෝල දෙකක් ලෙස පෙනෙන්නේ පියුරු🌼ශරීරයේ විවිධ ස්ථාන වල පිහිටි ලොම්ද මෙලෙසම පිළිකුල් දෙයකි...
අප භාවිතා කරනා සබන් කැටයක හෝ වෙනත් අයෙකුගේ ලෝම කුපයක් දුටුව හොත් පිළිකුලක්ම ඇති වේ... දුටු සටහන් වශයෙන්ම ලෝම ද පිළිකුල් දෙයකි...
මුහුණේ සම🌼නියපොතු වල පැහැය අවලස්සන නිසා විවිධ ආලේපන වර්ග ආලේප කර ප්‍රියමනාප කර ගැනීමට වෙහෙසෙයි... නියපොත්තක් කෑම එකේ තිබුනොත් ඇති වන පිළිකුල...
විටෙක නියපොත්තක් කුණු උනොත් නියපොතු ගන්ධය වශයෙන් ද පිළිකුල් බව වැටහෙනු ඇත...
නියපොතු ඇට සැකිල්ල, ලේ මස් ආදී පිළිකුල් දේ ඇසුරු කරගෙන පිහිටා ඇත...
🌼මුඛයේ දත්ද කහ පැහැති අප්‍රසන්න පැහැයකින් යුතුයි...ඇතැම් දත් නරක් වි කළු පැහැය වී ගිය අප්‍රසන්න පෙනුමෙන් යුක්තයි...
වෙනත් කෙනෙකුගේ බොරු දත් කුට්ටමක් දුටු විට පවා පිළිකුල්...
වකුගඩු🌼මෙලෙස බාහිර හා අභ්යන්තර ශරීරයේ සියළුම කොටස් වර්ණයෙන්ද සටහන් වශයෙන්ද ගන්දයෙන්ද ඇසුරු කරගෙන තිබෙනා දේ වශයෙන්ද සකස් වි තිබෙනා දේ වශයෙන්ද පිළිකුල් සහගත අසුචී ගොඩකි
🔹කුණුප කොටස් 32න් ඇතැම් කොටස් දන්නේ නැත්නම් සිහි වෙන්නේ නැත්නම් දලබුව කියන එක දන්නේ නැත්තම් මස් කැල්ලක් කියලා හිතනවා..
නහර වැල්🔹මේ කෙස් ටික උකුණන්ට ගමක් වගේ.. මලමුත්‍ර කරන්නෙත් මේ කෙස් වල ඔලුවේ, මැරුණම කුණු වෙලා යන්නෙත් ඔලුවේමයි..
🔹මේ කයේ අසුභය ඇසින් බලලා මදි.. හිතින් බලන්න..කෙලෙස් තවන විර්යෙන් ප්‍රඥා වෙන් බලන්න.. ඇසින් බලලා ප්‍රමාණවත් නම් දොස්තර ලාට මිනී කපන අයට රාගය නැති වෙන්න ඕනේ..
🔹අනුරාධපුරය කියලා කිව්වොත් මුලින්ම මතක වෙන්න ජය ශ්‍රී මහා බෝධිය හෝ රුවන් වැලි සැය.. අපිට අනුරාධපුරයේ කඩයක් තියෙනවා නම් මුලින්ම මතක් වෙන්නේ ඒ කඩේ.. අපිට මුලින්ම මතක වෙන්නේ වැඩියෙන්ම ආශ්‍රය කරලා තියෙන දේ..
🔹ඇගිල්ල මතක් කර ගත්තම මතක වෙන්න නියපොත්තයි.. හමයි..ඇගිල්ලේ තියෙන මස් මතක නොවුනේ ඇගිල්ලේ මස් තියෙන බව මනසින් ආශ්‍රය වෙලා නෑ..
🔹කට්බෝඩ් පෙට්ටියක බත් පාර්සලයක් මතක් කලාම ඉස්සෙල්ල ම මතක වෙන්නේ බත්..කට්බෝඩ් නෙවෙයි.. ඒ කට්බෝඩ් වලට වඩා ආශ්‍රය කරලා තියෙන්නේ බත් නිසා..
🔹අප හෝ වෙන කෙනෙක් කියලා ගත්තම ඒ ඕනේ කෙනෙක් ගේ වැඩි පුර ආශ්‍රය කරලා තියෙන්නේ හම.. මනුස්සයෙක් ගැහැනියක් කිව්වා ගමන් මතක වෙන්නේ උඩින් පෙන්න තියෙන කෙස්, හම, දත්, ලොම් නියපොතු..ඒකට පොදියට තියෙන මේ ටික...ඒ එළියෙන් පෙන්න තියෙන දේවල් මිස ඇතුලේ මස් ලේ කටු සැරව විවිධ කුණුප කොටස් මතක වෙන්නේ නෑ..
🔹ඒ උඩින් පේන්න තියෙන දේවල් නැතුව ඇතුලේ මස් ලේ කුණුප කොටස් මතක වෙන්න නම් උඩින් පේන්න තියෙන දේවල් ආශ්‍රය කලාට වඩා මස්, ලේ ආදී කුණුප කොටස් ආශ්‍රය කරන්න ඕනේ..
ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය🔹ගොඩ කාලයක පටන් කෙනෙක් ආශ්‍රය කරනවා. ඒ වගේම ඊටත් වඩා කැමතිම කෙනෙක් ලගකදී ඉදලා ආශ්‍රය කරනවා.. ළග ළගම ආශ්‍රය කරන්න ගත්තා. එතකොට පරණ පුද්ගලයා ට වඩා වැඩි වාර ගණනක් දැන් මේ කෙනා මතක් වෙනවා..
🔹ඇස් පියා ගෙන කණ මතක් කරගෙන කනේ මස් තියෙන විදිහ, කම්මුලේ මස් තියෙන විදිහ හැඩය ආදිය මෙනෙහි කරමින් ශරීරයේ තියෙන මස් ලේ ආදී කුණුප කොටස් ආශ්‍රය කර ගෙන හිටියොත් වැඩි වෙලාවක් කාලයක් එතකොට ගැහැණියක් මිනිසෙක් කියලා මතක් කරොත් කලින් වගේ නෙවෙයි කෙස් ලොම් හම නිය ලොම් වගේම ශරීරය ඇතුලේ තියෙන ලේ මස් නහර ආදී කුණුප කොටස් ද මතක වෙනවා..
🔹අලුත් මස් කුටියක් ලේ එක්ක ලස්සන ඉටි කොලයකින් ආවරණය කරලා හොදට පාර්සල් කරනවා .. ගද නොඑන්න, ලේ එලියට නොඑන්න.. දැන් මේ පාර්සලයේ ඉටි කොලේ මේක දැකපු කෙනෙක් ට අතින්ම ස්පර්ශ කරන්න කියනවා .. එතකොට එක ස්පර්ශ කරන කෙනාට දැනෙන්නේ නොසතුටුක් පිළිකුලක් .. ලස්සනයි.. සුබ යි කියලා අදහසක් නම් එන්නේ නෑ.. මොකද එයාට අර ලේ පිරිච්ච මස් කුට්ටිය මතක වෙනවා.. එයා ඒ මස් දැකපු නිසා.. ඒ ලේ පිරිච්ච මස් මේ කොලයට යටින් තියෙනවා කියන අදහස තියෙනවා.. මතක වෙනවා..
🔹ඒ වගේම කෙනෙක් ගේ අතක් ස්පර්ශ කරන කොට ඒ උඩ හමට චුට්ටක් යටින් තියෙන ලේත් එක්ක මස් මතක වුනොත් අර වගේම නොසතුටක් ඇති වෙනවා.. ලස්සනයි.. සුන්දරයි, සුභයි කියලා හිතෙන්නේ නෑ..
🔹බස් එකේ යන කොට එහා පැත්තේ සීට් එකේ හිටපු කෙනා වමනේ දානවා.. දැන් එක දැකපු අනිත් අය ට දැඩි අප්‍රසන්න බවක් ඇති වෙනවා.. ගැටෙනවා.. නමුත් අසුභය වඩපු කෙනා දන්නවා තමන්ගේ ශරීරයෙත් ඒ වගේම නොදිරපු ආහාර තියෙන බව.. අර වගේ වමනේ විදිහටම.. ඒක දන්න හින්දා අර වමනේ ගැන අප්‍රසන්න බවක් උපදින්නේ නෑ .. මේක තමයි ශරීරයේ ස්වභාවය කියලා දන්න හින්දා..මේ දේවල් වලින් තමයි මේ කය සකස් වෙලා තියෙන්නේ කියලා දන්නවා.. ඒ කියන්නේ ගැටීමක් නෑ.. තමන්ගේ ශරීරය ගැන මෙනෙහි කරලා ඇත්ත දැන ගත්තු නිසා ගැටෙන්නේ නෑ..
අනුන්ගේ ශරීරය ගැන මෙනෙහි කරපු නිසා ඇලෙන්නේ නෑ..
🔹එක්තරා අසුභ භාවනාව වැඩීමට සොහොනට ගිය ස්වාමින් වහන්සේ නමකට කාන්තා මළකුණ දැකලා රාග සිත ඇති උනා.. උන් වහන්සේ පැත්තකට ගිහින් (රාග අරමුණෙන් අයින් වෙලා )සිතට ගැරහුවා.. ඒයි පහත් සිත නුබ මාව නිරයේ ප්‍රේත අපායේ අරන් ගියා අපමණ දුක් වින්දා..
🔹මේ මළ කුණ දැකලත් රාග සිතක් ඇති කරා පහත් සිත කියලා ගරහනවා..එතනම වාඩි වෙලා භාවනා කරලා රහත් භාවයට පත් වුණා.. ඒක තමයි හිත දමනය කරන ක්‍රමය..
🔹ස්වාමින් වහන්සේලා තමන්ගේ හිතට ගරහා කර කර බැන බැන හිතේ එන සිතුවිල්ල යටපත් කර ගන්නවා ..
🔹බුදුරජාණන් වහන්සේ අසුභ භාවනාව ට උපමාවක් පෙන්නුවා. ඔන්න දෙපැත්තෙ කට තියෙන ධාන්‍ය පුරවපු මල්ලක් තියෙනවා. එහි එක එක ධාන්‍ය වර්ග තියෙනවා. ඉතින් ඇස් පේන කෙනෙක් මේ මල්ල අරගෙන මේ ධාන්‍ය මල්ල ලිහනවා. ලිහලා මේ ධාන්‍ය ටික සේරම හළලා, ගොඩගහනවා. ‘මේවා හාල්, මේවා කඩල, මේවා මෑ, මේවා මුං ඇට, මේවා කව්පි..’ ආදී වශයෙන් ගොඩ ගහනවා.
🔹මෙන්න මේ විදිහට යටි පතුලෙන් උඩ, කෙස් රොදෙන් යට, හමකින් ආවරණය වූ නොයෙක් ආකාරයේ කුණප කොටස් පිරුණ මේ කය දිහා අර ධාන්‍ය මල්ල ලෙහල වෙන් කර කර බලනවා වගේ නුවණැති කෙනා නිශ්ශබ්ද ව, ශාන්ත තැනකට වෙලා බලන්න පටන් ගන්නවා. එයා හිතනවා ‘මේ කයේ තියෙන කෙස් කුණප කොටසක්. මේ කයේ තියෙනවා ලොම්, මේ කයේ තියෙනවා නියපොතු….’ මේ ආදී වශයෙන් වෙන් කර කර බලනවා.
මල්ල ලිහලා බලන්න කිව්වේ හම ගලවා බලන්න කියන එක..
🔹මේ කයේ හම අයින් කරලා ඉන්න බැ විනාඩියක් මැස්සෝ වහනවා.. ගඳ නිසා. දැක්කමත් පිළිකුල්.. නහය වහා ගන්න වෙනවා...එහෙම කයක්..
🔹හදිස්සියේ උගුරට අවොත් පිත වමනේ කට හෝද ගන්නවා.. තිත්ත යි අපුලයි . එත් ඒ මම මයි.. මගේ දේවල්..
🔹මේ ශරීරයේ තිබෙන්නේ මේවා මේ පිළිකුල් දේවල් නේද කියකියා හිතනවා මෙහෙහි කරනවා..
🔹මේ කයේ ඇස් වලින් කබ.. නාසයෙන හොටු.. කනෙන් කලාදුරු, කටින් කෙල, ඉකිලි දහදිය, මළ මුත්‍රා මාර්ග වලින් මළ මූත්‍රා පිට වෙනවා..
🔹මේ ශරීරයේ මතුපිට කවරේ ටිකක් හොදයි.. ඒවා අපි හෝද හෝද සබන් ගග ක්‍රීම් ගග තිය ගන්නවා..
🔹හෝදන්න බැරි වුනොත් හමේ සිහින් සිදුරු හරහා දහදිය ආදී මළකුණු එනවා.. ඒ ගදට එන්නේ මීමැස්සෝ නෙවෙයි.. මැස්සෝ...
🔹කෙස් ලොම් නියපොතු දත් සම.. මේ බාහිර කොටස් ටිකට තමයි මේ ලෝකයාම වසඟ වෙන්නේ... මේවා අසුභයි පිළිකුල් ...
🔹අප ශරීරයේ අසුභ ස්වභාවය ප්‍රකටයි.. ප්‍රදර්ශනය වෙනවා.. නමුත් අපි එය ඉක්මනට අමතක කරනවා... තමන්ගේ ඒවාම කෙල සොටු අසුචි තමන්ගේ නෙවෙයි වගේ බැහැර කරනවා.. මේවයින් තමයි මේ කය සකස් වී තියෙන්නේ කියලා මෙනෙහි කරන්න ඕනේ..
🔹කෙල ගහන කොට අසුචි පිට කරන කොට ඒ පිළිකුල ගඳ , කෙල, සෙම, සොටු වල ඒ අප්‍රසන්න බව ගඳ ඒ සංඥාව ගන්න ඕනේ..අනුන්ගේ කෙල සොටු ගඳ ඒවත් ගන්න ඕනේ.. මෙන්න පිළිකුල යථා ස්භාවය කියලා..
🔹මේ ශරීරයේ තිබෙන්නේ මේවා මේ පිළිකුල් දේවල් නේද කියකියා හිතනවා මෙහෙහි කරනවා..
🔹මේ කයේ ඇස් වලින් කබ.. නාසයෙන හොටු.. කනෙන් කලාදුරු, කටින් කෙල, ඉකිලි දහදිය, මළ මුත්‍රා මාර්ග වලින් මළ මූත්‍රා පිට වෙනවා..
🔹මේ කයට කොච්චර සුවද දේවල් ඇතුලට දැම්මත් එන කොට ගඳයි..එන එන හැම දේම ගඳයි.. එන එනකොට හෝදලා පිහිදානවා..
🔹මේ කයට නේද බැදෙන්නේ.. බදා ගන්නේ ආස කරන්නේ.. ප්‍රේම කරන්නේ..
🔹ලස්සන කවරෙකින් ආවරණය කරපු සිදුරු නවයක් තියෙන ඇතුලේ තනිකරම අසුචි පිරිච්ච මල්ලක් වගේ. අල්ලනකට සනීපයි හැබැයි..
🔹එකට බැදෙනවා. ඇතුලේ අසුචි..සිදුරු නවයෙන් චුට්ට චුට්ට අසුචි එනවා.. එතකොට හෝදලා පිහිදානවා.. ආපහු එනවා.. ආපහු පිහි දානවා..
🔹මේ කයේ ලේ හිර කරලා තද කරලා තියාගෙන ඉන්නේ හමෙන්..
වුරුණු තෙල් දහඩිය මේ හමේ තියෙන සිවුම් හිල් වලින් මිරිකී මිරිකී එලියට එනවා.. මැරෙන හමයි තෙලුයි දහඩියයි එකතු වෙලා ඇබරෙනවා කුණු විදිහට..
🔹මේ කයේ තෙල් දහඩිය හැම වෙලේම හෝද හෝද අයින් කරන්න ඕනේ නැත්තම් ඉන්න බැ ගද..දැක්කම අප්‍රසන්නයි
🔹වෙනත් කයක හම ටිකක් පාට නම් ඇදිලා තියේ නම් සුබයි සුන්දරයි කියලා සංඥාව වෙනස් කරලා අරගත්තම අකුසල් උපදිනවා..
🔹මේ කය ඇටකෝටු තුන්සිය කින් විතර නගා සිටුවාලා තියෙන්නේ.. නවසියයක් විතර නහර වැලින් එලලා තියෙන්නේ.. ඒ ඇට කෝටු මත මස් ගල්වලා තියෙන්නේ.. හැම ඇටකොටුවකම ඇලුණු මස් තියෙනෝ.. මේ ඇට කෝටු ටික නිසා තමා අපිට වාඩි වෙලා හිටගෙන ඉන්න පුළුවන්.. අටකෝටු නැත්නම් මස් ගොඩක් විතරක් නම් හරියට උරේකට වතුර පුරවපුවාම එහෙට මෙහෙට සැලි සැලි තියෙනවා වගේ..
🔹එහෙව් ඒ මස් ගල්වපු මේ කය හමෙන් ආවරණය වෙලා නොතිබුනා නම් එලියට ආපු පස්සෙන් කපුටෝ බල්ලෝ ඇවිත් මස් කඩ කඩා කන්න තිබුනා.. ඒ නිසා ආරක්ෂාවට හම කියන ඇදුමෙන් මේ කය ආවරණය වෙලා තියෙනවා..
🔹මේ කයේ මැද්දේ තියෙනවා ලොකු සිදුරක්.. ඒ සිදුර මැද්දේ බොහෝ දේ පුරවලා තියෙනවා.. බඩවැල්, අමාශය, පෙනහළු, අක්මාව, හර්ධය වගේ බොහෝ දේ වැලින් පිරී ඇත.. මේ අභ්‍යන්තරය බොහොම පිළිකුල්.. හැබැයි පිටින් කෙනෙක් සුදුයි, තලෙලුයි, කලුයි විවිධ හැඩයෙන් පෙනුමෙන් යුතුයි. . ඒ ඒ කැමති ලෙස ඒ ඒ අය බැදෙනවා.. හැබැයි ඔක්කොම ඇතුලේ අසූචි. පුරවපු කලගෙඩි වගේ...
🔹මේසයක් උඩ තියෙනවා සුවද හමන කෑම.. කෙනෙක් මේ කෑම ටිකක් බෙදාගෙන ඇගිලි තුඩු වලින් ඇනුවොත්, තවත් කෙනෙක්ට ඒක කන්න දුන්නොත් කන්න පිළිකුල් කරනවා .. ඊටපස්සේ ඒ කෑම ටික කටට දාගෙන ටිකක් හපලා ආපහු කෑම මේසේ උඩට දැම්මොත් වෙනත් අය කොයි තරම් පිළිකුල් කරනවද.. සුවද හම හමා තිබ්බ කෑම.. කෙනෙක් අතින් අත ගාපු පමණින් ටිකක් පිළිකුල් උනා.. කටේ තියාගෙන හැපුවම තවත් පිළිකුල්.. ඒ කෑම ටික අමාශය දක්වා ගමන් කරලා ආපහු වමනේ විදිහට දැම්මොත් ඊටත් වඩා පිළිකුල්.. අවසානේ ශරීරයෙන් පිටකරන අවස්ථාවට ආව මේ කෑම ටික ඊටත් වඩා පිළිකුල්..
🔹ඒ ශරීරයෙන් පිට කරන්න සුදානම් කෑම ටික මහා අන්ත්‍රය අග තියෙනවා පැය අටක් නවයක් දොළහක්.. මේ මළපහ ටිකත් තියාගෙන ශරීරයේ පිටින් හොදට හෝදගෙන ඇදලා පැලදලා ගමන් බිමන් යනවා.. හරියට ඇවිදින වැසිකිලි වගේ..
🔹මේ මලපහ පිට කරන බාහිර වැසිකිලි විවිධ බෙහෙත් වර්ග දලා පිරිසිදු කරනවා.. නමුත් මේ අභ්‍යන්තර වැසිකිලිය ඉපදිච්ච දවසෙම ඉදලාම සුද්ද කරලා නැ.. මේ කවදාවත් සුද්ද නොකරපු මේ අභ්‍යන්තර වැසිකිලිය කොයි තරම් අපිරිසිදු ඇතිද..
🔹එච්චර අපිරිසිදු උනත් අප හම පොත්තෙන් වැහිලා තියෙන නිසා සුභයි, සුන්දරයි, ප්‍රියයි කියලා ඇලෙනවා බැදෙනවා..
එහෙම ඉදන් කොයි තරම් අකුසල් රැස් කර ගන්නවද..
🔹හැබැයි කොයි තරම් ප්‍රිය කරනා කෙනෙක්ගේ උනත් අපි හම් පොත්තෙන් විතරයි ස්පර්ශ කරන්න කැමති.. තුවාලයක්, සැරව ටිකක් ස්පර්ශ කරන්න පිළිකුල්.. යන්තම් හම සිරීලා ලේ ටිකක් එනවා නම් ස්පර්ශ කරන්න අකමැතියි..
🔹කොයිතරම් ප්‍රිය වුනත් ඒ කෙනාගේ කෙස් ගහක් කෑම එකේ තිබුනොත් පිළිකුල් කරනවා..
🔹තමන් ප්‍රිය කරන කෙනාට ඔයා මං වෙනුවෙන් මේක තියාගන්න කියලා ගැලවිච්ච දතක්, තුවලෙක හම් කැල්ලක්, කෙල ටිකක්, සැරවා ටිකක්, ලේ ටිකක් දුන්නොත් කැමති නෑ.. පිළිකුල් කරනවා..
🔹හැබැයි සමස්ථයක් ලෙස අරගෙන කොණ්ඩය, ඇස් දේවල් ගැන වර්ණනා කරලා ගීත පවා රචනා වෙනවා..
නමෝ බුද්ධාය... !!!
සාදු.. සාදු.. සාදු.. !!!🌼🌸💮🍀☘️💠🙏




































































Comments
Post a Comment