දුර්ගේෂ්වරී කඳුවැටිය
🌼🌸💮නමෝ බුද්ධාය🌼🌸💮
🌼මහණෙනි, මම දුෂ්කර ප්‍රතිපදාව ගත කරන්න අවසාන මොහොතේ උරුවෙල් දනව්වට වඩිනවා... ඒ උරුවෙල් දනව්ව මගේ ඇස් දෙකෙන් මම දකින්නේ මෙහෙමයි... 🌼
🌼"විශ්වයේ පරම සත්‍යයද සංසාර විමුක්තියද සොයා යන ගමනේදී මහණෙනි, මම මගද රට උරුවෙල් දනව්වට පැමිණියෙමි... නිසසලව ගලා බසිනා නේරංජනා නදී තිරය සුදු වැලි තලවන්ගෙන් ගැවසී ගත් බිමද ****
යයේ සිසිල් සෙවනද මසිත සැනසීමට පත් කළේය... 🌼
🌼විශ්වයේ පරම සත්‍යය ද සංසාර විමුක්තියද සොයා ඇවිද යන ගමනේ මම සුදු වැලි තලාවක ගන්තෙර ගසක් මුල වාඩි ගත්තෙමි... 🌼
🌼මහණෙනි, මම උරුවෙල් දනව්වේ ගත කරන්න යෙදුනු ජීවිතය එතරම් කටුකයි කාෂ්ටකයි... 🌼
මහණෙනි, මම උරුවෙල් දනව්වේ දුෂ්කර ජිවිතයක් ගත කරන විට මම මගේ ශරීරයේ මෙවැනි විදියට මම දකින්නට යෙදුනේ... 🌼
🌼දතින් දත මැඩ දිව තල්ලෙහි ගටා සිත දමනය කිරීමෙහි නියෙලෙමි... 🌼එවිට මගේ කිහිලි වලින් දහදිය වැගිරෙන්නට විය... 🌼ශක්තිමත් පුරුෂයෙකු දුර්වල පුරුෂයෙකුගේ උරහිසින් ඔබා දමන්නේ යම් සේද මමද මගේ චිත්ත වේගයන් ඔබා දැමුවෙමි... 🌼
🌼අනතුරුව ආශ්වාස ප්‍රශ්වාස නවතාලමින් භාවනා වඩන විට දෙකන් සිදුරු වලින් පිටවන වාතයේ හඬ කම්මල් කරුවෙකුගේ මයින හමෙන් පිටවන හඩක් මෙන් විය... 🌼
🌼අනතුරුව දෙකන් සිදුරු වසාගෙන භාවනාව වඩන විට හම්පටියකින් මගේ හිස් කබල කිටි කිටියේ වේලෙන්න වැනි මහා දරුණු වේදනාවක් මට දැනෙන්නට විය... 🌼
🌼කළු වැලක පුරුක් මෙන් හන්දි පෙනෙන්නට විය... 🌼රෙදි විවීමට ගන්නා දණ්ඩක කැටයම් සේද මගේ කොඳු ඇට පේලියද එසේ විය...🌼නිසීදන මාංශය (තට්ටම) ඔටුවෙකුගේ මෙන් විය... 🌼පිට අත ගාන විට රෝම ගැලවී අතට එන්නට විය... 🌼වියලි කල සිදී ගිය ලිං පතුලක් යම් සේද මගේ දෑස කුහරයන්ද එසේ විය..🌼 තිත්ත ලබු ගෙඩියක් කඩා අව්වට විසි කල විට අව් රශ්මිය නිසා තිත්ත ලබු ගෙඩියේ පිට සැව ගැලවී යන්නේ යම් සේද මගේ හිස අතගාන විට හිසේ හම ගැලවී අතට එන්නට විය... 🌼
🌼"මම ගසක් මුල වාඩි වී සිටිනවා.. සක්මනේ වඩිනවා ... 🌼ශරීරයේ පෝෂණයක් නැති බැවින් ශරීරය දුර්වල බැවින් සක්මනේ යෙදෙන විට ක්ලාන්ත වී ඇද වැටෙනවා..."🌼
🌼" නැවත සිහිය පැමිණි විට මම දණහිස් දෙක උපොයෝගී කර ගෙන සක්මනේ යෙදෙනවා... "🌼
🌼"විටෙක මගේ අසලට වසවර්ති මාරයා පැමිණෙනවා... "🌼
"පින්වත, ජිවත් වීමේ අයිතිය තියෙන්නේ තව එකයි... තමන් එතරම් මරණයට ලගා වෙන කෙනෙක්... මේ ගමන අත හරින්න... යන්න කපිලවස්තු පුරයට... සතියකින් ලැබෙන සක්විති රජකම ගන්න... රජකම් කරන්න... "
🌼"යුධ පෙරමුණේ යුද්ධය ට හුරු කරන්න ට යෙදුනු ශක්ති සම්පන්න හස්තියෙක් විවිධ විදිහට එන්නා වූ හී පහරවල් තමාගේ ශරීරයට වදිදී ලේ පෙරාගෙන යුධ පෙරමුණේ ඉදිරියට යන්නේ යම් සේද මහණෙනි, මමද මරණය මරා ජය ගන්නට ඉදිරියට ගමනක් ගියා... "🌼
🌼මහා බෝසතාණන් වහන්සේ ශරීරයට පෝෂණයක් අවැසි තැන ශරීරයට දුක් දීම අතහැර මැදුම් පිළිවෙතක් ඔස්සේ ගමනක් යනවා... 🌼
🌼පසුව මහා බෝසතාණෝ උරුවෙල් දනව්වේ පහල ගම්මාන වලට බැහැලා ගමන් කරනවා... 🌼
🌼"දැඩි අව් රශ්මිය නිසා ශරීරයට පෝෂණයක් නොමැති නිසා මම ක්ලාන්ත වී ඇද වැටෙනවා... ""🌼
🌼"එවිට මා හට පිහිට වුයේ එළුවන් බලා ගන්නා ගොපලු දරුවන්ය... "🌼
🌼ගොපලු දරුවෝ අලුත පැටවුන් බිහි කෙරු ගව දෙනුන් මුව ලගට ලං කොට තන මිරිකලා මුවට කිරි වත් කරයි... 🌼
🌼"එයින් ජීවය ලද මම ටික දුරක් ඇවිද ගිය තැන ආහාරයක් නොලබා ළදරු වහු පැටියන්ගේ ගොමද ආහාරයට ගැනීමට සිදු විය... "🌼
🌼අවසානයේ මහා බෝසතාණෝ ශරීර පෝෂණයක් ලබා ගෙන නැවතත් ශක්ති සම්පන්න ශරීරය සකස් කොට ගෙන උරුවෙල් දනව්වට සමු දී ගම් නියම් ගම් පසු කොට සේනානි ගමට ලගා වේ...🌼 සේනානි ගමේ සුජාතාවගේ කිරි පිඩු දානය වළදා පාත්‍රය නෙරන්ජනාවේ පා කොට සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ ගේ සහජාත වස්තුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුලදී ලොව්තුරා සම්මා සම්බුද්ධතත්වයට පත් වූ සේක... !!!!සාදු.. සාදු.. සාදු.. !!!🌼🌸💮🌺🌷🌹☘️🍀💐🌻🌻💐🍀🌼🌸🍀💮☘️🌺🌷🌹🌷🌺💮☘️🌸🍀🌼💐🌻🙏🙏🙏
අප මහා බෝසතාණන් වහන්සේ මේ පමණ දුකක් වින්දේ ඔබ අප සියළුම උපදෙමින් මැරෙමින් මේ මහා භයානක සසර ගමනේ ගමන් ගන්න අසරණ සත්වයින් නිසාමයි... !!!🌼🌸💮🌺🌷🌹☘️🍀💐🌻🌻🌻🌻🙏🙏🙏සතර පද ගාථාවක් අසා මේ සසර ගමනෙන් නිවී සැනහෙන්නට තිබියදී අප නිසා මහා බෝසතාණන් වහන්සේ විදි දුක් අපමණයි... !!! 🌼🌸💮🌺🌷🌹☘️🍀💐🌻🙏🙏🙏
🌼🌸💮සුගත වූ අනුත්තර වූ අසරණ සරණ වූ දෙවියන්ට දෙවි වූ බඹුන්ට බඹු වූ මටම ස්වාමී වූ ඒ අප මහා භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා... !!!නමෝ බුද්ධාය... !!!🌼🌼🌼🌼🌸🌸🌸🌸💮💮💮💮🌺🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻💐💐💐💐💐🍀🍀🍀🍀🍀☘️☘️☘️☘️🌼🌸💮🌺🌷🌹☘️🍀💐🌻🌻💐🍀☘️💮🌸🌼💮🌺🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Copied --daham handa, dharmaya babalewa youtube channel


































Comments
Post a Comment