අභිධර්මය

   🌸💮 නමෝ බුද්ධාය🌼🌸

     🌼🌸  අභිධර්මය 🌼🌸

 

🌼🌸අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යමා මහා පෙළහර පා ශාක්‍යයන්ගේ  මානය දුරුකිරීමෙන්  අනතුරුව සත්වන වස(වස්කාලය) ගත කිරීම සඳහා තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කෙරුණි.  තව්තිසා දිව්‍ය ලෝකයේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ පඩුකම්බුල ආසනයේ වැඩ හිදිමින් මාස තුනක් පුරාවට මාතෘ දිව්‍ය රාජයා(මහා මායාදේවිය කලුරිය කොට මාතෘ දිව්‍ය රාජයා ලෙස පුරුෂ ආත්මයක උපත්තිය ලැබිණ) ප්‍රමුඛ කොට ගෙන අභිධර්මය දේශනාව සිදු කෙරිණි. මනුෂ්‍ය ලෝකයේ මාස තුනක් වූ අතර එම කාලය තව්තිසා දිවියලෝකයෙන් නම් විනාඩි නමයක කාලයකි.අභිධර්ම දේශනාව ශ්‍රවනය කිරීමට දස දහසක් සක්වල යන්ගේ දෙවිදේවතාවුන් තව්තිසා දිව්‍ය ලෝකයට පැමිනුණි. බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුරුවක් මවා තව්තිසාවෙහි අදාල අභිධර්මය කොටස මෙපමණ දේශනා කිරීමට අධිෂ්ඨාන කොට පිණ්ඩපාතයට හා ශරීර කෘත්‍ය සඳහා මනු ලොවට  වැඩම කර උතුරු කුරු දිවයිනේ පිණ්ඩපාතය කර  ශරීරකෘත්‍ය සදහා අනෝතත්ත විලට වැඩම කර චන්ද්‍ර වනයට දිවා  විහරණයට වැඩම වුණි. චන්ද්‍ර වනයට වැඩම කෙරූ සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන සිදු කරන ලදී. එහිදී බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේදී දේශනා කරන ලද්දා වූ අභිධර්මය මාතෘකා පමණක් හකුළුවා දේශනා කරන ලදී. මහා ප්‍රාඥයන් වහන්සේ වු සාරිපුත්තයන් වහන්සේට මාතෘකා දේශනාවෙන්ම  සියලුම අභිධර්ම කරුණු අවබෝධ වුණි. පසුව නැවත් තව්තිසා දෙව් ලොවට වැඩම කල අතර මෙලෙස මාස තුනක්‌ පුරාවට සෑම දිනකම පිණ්ඩපාතය සඳහා බුදුරජාණන් වහන්සේ වැඩම කිරීමේ දී සාරිපුත්තයන් වහන්සේට තව්තිසා දිව්ලොවේදී දේශනා කරන ලද්දා වූ අභිධර්මය දේශනා කරන ලදී. පසුව සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පන්සියයක් උදෙසා මෙම අභිධර්මය විස්තර සහිතව දේශනා කරන ලදී. ඒ අනුව මේ දක්වා සරිපුත්තයන් වහන්සේ ගේ සිට  ආචාර්ය පරම්පරාවෙන් මේ දක්වා බුදු ශ්‍රී වදනින් දේශිත ඒ අභිධර්මය දේශනාවෝ පැමිණිනි... 

🌼🌸ඇතැමුන් අභිධර්මය අබුද්ධ දේශනයක් යයි පැවසුවත් සැබවින්ම අභිධර්මය සම්බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් දේශිත බුද්ධ දේශනාවක්මය... !!!

සාදු.. සාදු.. සාදු.. !!!🌼🌻💐🌸🍀💮☘️🌺🌷🌹🙏🙏🙏



Comments

Popular posts from this blog

මේ පිළිකුල් වූ ශරීරය